වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

හික්කඩුව – තිරාණගම ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (31) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවන් විසින්.

වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාව කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, ඔවුන් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පැවසුවේ.

T56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන වෙඩි තැබීම සිදුකර තිබූ අතර ගාල්ල මහාධිකරණයේ විභාග වන අපරාධ නඩුවකට පෙනී සිටීමට යන අතරතුර දී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 26 හා 47 වයස්වල පසුවන කළුපේ පදිංචි දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.