ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන තරඟය අද

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරඟ දෙකක් ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බන්හිදී අද (01) පැවැත්වේ.

ඒ අනුව සුපිරි 12 දෙනොගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සිය සිව්වැනි තරගයට මුහුණ දෙනු ඇත.

ඒ, ඇෆ්ගනිස්ථානය සමඟයි.

මෙම තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

අද දිනයේ දෙවැනි තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වේ.

මෙම තරඟය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.