ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද සිට ඉහළට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද සිට ඉහළට

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ දී අයකරනු ලබන ගාස්තු සහ සේවාවන් අද (01) සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මුල්වරට ලියාපදිංචි කර ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති අතර හැදුනුම්පතක සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා රුපියල් 500ක් අය කෙරෙණු ඇති.

නැති වූ ජාතික හැදුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1,000 දක්වා ඉහළ දමා ඇති බව යි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කළේ.

එසේ ම එක්දින සේවය මඟින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් ගාස්තුවට අමතර ව රුපියල් 2,000ක මුදලක් ද අය කෙරෙණු ඇති.