කැබිතිගොල්ලෑව පොලිස් සැරයන්ගේ ඝාතන සිද්ධියට 15 දෙනෙක් අත්අඩංගුවට

අනුරාධපුර – කැබිතිගොල්ලෑව – රඹකැපූවැව ප්‍රදේශයේ දී විරෝධතාවය අතරතුර ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අද අලුයම සිද්ධියට සම්බන්ධ පස්දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් බවයි.
ඊට හිමිනමක්ද ඇතුළත්. මේ වනවිට සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කෙරෙන බවයි වාර්තාවන්නේ.

