චොක්ලට්, බිස්කට්, කේක් ඇතුළු වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක වෙළෙඳපොළ දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික චුයින්ගම් ඇතුළු රස කැවිලි, චොක්ලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් මෙම කාණ්ඩයට ඇතුළත්.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, ආනයනකරුවන් විසින් මෙම භාණ්ඩ දිවයිනට ගෙන්වන අවස්ථාවේ දී එහි උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය ඉංග්රීසි භාෂාවෙන් පැහැදිලි ව සටහන් කළ යුතු බව යි.
එම විධානය ඊයේ (01) සිට බලපැත්වෙන පරිදි ක්රියාත්මක යි.


