වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් විවෘතයි

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් මාසයේ දී විවෘත කිරීමට නියමිත යි.
ඊට අදාළ සමාගම ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරීන් තුන් දෙනෙකුගෙන් සමන්විත වන අතර, මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය බවට යි පැවසෙන්නේ.
අදාළ වෙළඳ සංකීර්ණය සඳහා මෙරටට පනවා ඇති භාණ්ඩ ආනයන තහනම බල නො පාන අතර, විදේශීය සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් ඊට යොමු වනු ඇතැයි අපේක්ෂිත යි.

