චීනයෙන් ඩීසල් තොගයක්

මේ මාසය අවසානය වනවිට චීනයෙන් ඩීසල් තොගයක් දිවයිනට ලැබීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අබුඩාබියේ පැවැත්වෙන බලශක්ති සමුළුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ කිසියම් සහයක් ලැබී ඇත්දැයි නැගුණු පැනයකට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ අතර, වෘත්තිය ත්‍රිරෝද රථ රියදුරන්ට වැඩිකිරීමට නියමිත ඉන්ධන කෝටාව සදහා ලියාපදිංචි කටයුතු අද සිට බස්නාහිර පළාත තුළ අද ආරම්භ කෙරුණා.
ඒ අනුව වෙබ් අඩිවියට පිවිසීමෙන් ලියාපදිංචිය සිදුකර ගත හැකි අතර ඊට රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය මෙන්ම වහනයේ ඡායාරූපයක් සහ ජාතික හැදුනුම්පත අනිවාර්ය වෙනවා.

