උතුරෙන් දකුණට මිසයිල ප්‍රහාර

ප්‍රථම වතාවට දෙරටේ සමුද්‍ර දේශසීමාව දෙසට උතුරු කොරියාව විසින් දකුණ දෙසට මිසයිලයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
උතුරු කොරියාව විසින් එල්ල කළ මෙම කෙටි දුර බැලස්ටික් මිසයිලය දකුණේ සොක්චෝ නගරයේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් පතිත වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .
විවිධ මාදිලියන්ට අයත් අධිබලැති මිසයිල 17ක් එකවර අත්හදා බැලීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම උල්ලුන්ග්ඩෝ දූපතට ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ
පසුව දකුණු කොරියානු හමුදාව විසින් උතුරු කොරියාවට ප්‍රතිචාර වශයෙන් මිසයිල තුනක් එල්ල කර තිබෙනවා
එමෙන්ම උතුරු කොරියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාවේ සහ ජපානයේ නායකයින් දෙදෙනාම ජාතික ආරක්ෂක රැස්වීම් කැඳවා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා
මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ අර්ධද්වීපය වටා සිය ඒකාබද්ධ හමුදා අභ්‍යාස නවත්වන ලෙස එක්සත් ජනපදයට සහ දකුණු කොරියාවට අනතුරු ඇඟවීමෙන් දිනකට පසුව වීමද විශේෂත්වයක්
කොරියානු අර්ධද්වීපය උතුරු සහ දකුණු කොරියාව ලෙස වෙන් වීමෙන් පසු උතුරු කොරියාව දියත් කළ මිසයිලයක් දකුණු කොරියානු පරිපාලන ප්‍රදේශයට පතිත වූ පළමු අවස්ථාව මෙය යි.

