ළමයි 40ක් කප්පම් කල්ලියක් පැහැර ගෙන ගිහින්

අපරාධ කල්ලියක් වයඹ දිග නයිජීරියාවේ ගොවිපළක වැඩ කරමින් සිටි ළමුන් 40කට ආසන්න පිරිසක් පැහැරගෙන ගොස් ඔවුන් නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලා ඇති බව නයිජිරියානු පොලිසිය පවසනවා.
යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් කට්සිනා ප්‍රාන්තයේ ෆස්කාරි දිස්ත්‍රික්කයේ මයිරුව ගම්මානයෙන් පිටත ගොවිපලකට කඩා වැදී අස්වැන්න නෙළමින් සිටි ළමුන් 39 දෙනෙකු යි මෙසේ පැහැර ගෙන ඇත්තේ.
කට්සිනා යනු, වයඹ සහ මධ්‍යම නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයකින් එකක් වන අතර, ඔවුන් ගම්වලට කඩා වැදී නිවැසියන් මරා දැමීම සහ පැහැරගෙන යාම මෙන්ම නිවාස කොල්ල කෑම් සහ ගිනි තැබීම් කරන කොල්ලකරුවන් ලෙස ප්‍රසිද්ධ යි.

