ගෑස් පෝලිමක් තියා ගෑස් හිඟයක් යළි එන් නෑ – ලිට්රෝ සභාපති

රට තුළ යළිත් කිසිදු ගෑස් හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
අද (04) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළේ, එළඹෙන සඳුදා පස්වරු 2.00න් පසු දිවයින පුරා පිහිටි ලිට්රෝ ගෑස් අලෙවි සල්, ගෑස් සිලින්ඩර්වලින් පිරී යනු ඇති බව ය.
එමෙන් ම, නොවැම්බර් මාසයේ ගෑස් මෙට්‍රික්ටොන් 28,000කට ආසන්න ප්‍රමාණයක් ඇනවුම් කර ඇති බව ද සභාපතිවරයා පැවසීය.
“විශේෂයෙන් ම සහතික කරලා කියන්න ඕනේ ඉතාමත් වගකීමෙන් ලිට්රෝ ගෑස් ආයතනය විධියට ගෑස් පෝලිමක් තියා ආයෙත් ගෑස් හිඟයක් කොහෙවත් එන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක විශේෂයෙන් මතක් කරනවා.
සඳුදා 2.00න් පස්සේ රටේ ම තියෙන අලෙවි නියෝජිතයින්ගේ අලෙවි සල් ලිට්රෝ ගෑස් නිල් පාට සිලින්ඩර්වලින් පිරිලා තියෙයි.
නොවැම්බර් මාසයේ මෙට්‍රික්ටොන් 28,000ක කිට්ටු වෙන්න අපි ඇනවුම් කරලා තියෙනවා.
අපේ සැලසුම් සකස් වෙලා තියෙන්නේ 2024 සිංහල අවුරුද්ද වෙනකම් මම හිතන්නේ නැහැ ගෑස් හිඟයක් නැවත ඒවි කියලා. ඒක ගැන හිතන්නවත් අවශ්‍ය නැහැ කවුරුවත්. කිසි ම බයක් වෙන්න දෙයක් නැහැ.
දින වකවානු දැන් හරියට ම කියන්න බැහැ. අලුත් සිලින්ඩර් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒක සුබදායි ආරංචියක් වේවි.”
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අනිද්දා ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ය.

