ඉම්රාන්ට වෙඩි තැබීම ගැන අගමැතිට චෝදනාවක් – අගනුවර පාසලුත් වසා දැමේ

තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා නගයි.
ඉම්රාන් ඛාන් චෝදනා කරන පරිදි, ඔහු ඝාතනය කිරීමට කුමන්ත`ණය කරන ප්‍රධාන පුද්ගලයා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය. සෙසු පුද්ගලයන් දෙදෙනා වන්නේ පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා සහ පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු තරන හමුදා ජනරාල් ෆයිසාල් නසාල්ය.
ඉම්රාන් ඛාන් ඊයේ (03) ජන රැලියකට සහභාගී වී සිටිද්දී වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබුවේය.
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමෙන් පසුව, ඔහුගේ සහායකයින් විසින් රටපුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉස්ලාමාබාද් අගනුවර පාසල් වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
එමෙන්ම ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය ඝාතනය කිරීමට තැත් කිරීමක් බව ඔහුගේ ආධාරකරුවන් පවසා ඇති අතර මෙම ප්‍රහාරය ජාත්‍යන්තරය පවා හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා
පැවති විරෝධතා පාගමනකදී ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදීමෙන් පසු රෝහල්ගතව මේ වනවිට සුවය ලබමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා
70 හැවිරිදි ඉම්රාන් ඛාන් මහතාගේ රථ පෙළට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙක් මිය ගොස් ඇති අතර අවම වශයෙන් 10 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

