යුක්‍රේනයේ විදුලිය බිඳ වැටෙයි – මිලියන 4.5ක ජනතාව අඳුරේ

යුක්‍රේනයේ විදුලිය බිඳ වැටෙයි –  මිලියන 4.5ක ජනතාව අඳුරේ

රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට (05) යුක්‍රේන වැසියන් මිලියන 4.5 ක් පමණ විදුලිය නොමැතිව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කියෙව් අගනුවර ඇතුළුව රට පුරා විදුලි පද්ධතියට හානි සිදුවී ඇති බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පැවසීය.

මෙම තත්ත්වය බලශක්ති ත්‍රස්තවාදයක් ලෙසයි යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, රුසියානු හමුදාව යුක්රේනයේ ප්‍රධාන දකුණු නගරයක් වන කෙසර්න් ප්‍රදේශයෙන් ඉවත් වීමට ඉඩ ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

කියෙව් අගනුවර ඇතුළුව රට පුරා විදුලි පද්ධතියට හානි සිදුවී ඇති බව ඔහු පැවසීය.

Kyiv නගරාධිපති Vitali Klitschko ඊයේ (05) උදෑසන පවසා තිබුණේ නගරයේ නිවාස 450,000 කට විදුලිය නොමැති බවයි.

https://yhoo.it/3T1mAa9