අයවැයට පෙර කැබිනට්ටුව පුරවයි ?

අයවැයට පෙර කැබිනට්ටුව පුරවයි ?

අයවැයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව එම නව අමාත්‍ය ධුර සඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, සී.බී රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන් මෙන් ම ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පත් කිරීමේ සූදානමක් ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු ද මෙම නව අමාත්‍යධුර බාර ගැනීමේ සූදානමින් පසුවන බවයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ නමුත් වත්මන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 19 දෙනෙක් කටයුතු කරන අතර රාජ්‍ය අමාත්‍යවරුන් 38ක් ද වත්මන් රජයේ කටයුතු කරනවා.

COMMENTS