ජානකී රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, අද (05) ඇය අලුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ජානකී සිරිවර්ධනගේ නීතීඥයන් විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා, ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දහවල් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගනු ලැබුවේ තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළවයි.

