Update :- දනිෂ්කට ඇපත් නැති වෙයි – තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක්

Update :- දනිෂ්කට ඇපත් නැති වෙයි – තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක්

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක දී 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව ඇතුළු තවත් ලිංගික චෝදනා 04කට එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනිෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

dating app හරහා දනිෂ්කට මුණගැසුණු 29 හැවිරිදි තරුණියකට ඔහු විසින් ලිංගික අතවර කළ බවටයි ඇය විසින් චෝදනා කර ඇත්තේ.

සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති බවටත් The Australian වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇත්තේ;

‘Sri Lankan cricket star charged over alleged Sydney rape’ යනුවෙන්.

31 හැවිරිදි දනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළයි.

මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

https://bit.ly/3hi2Ku9