Update:- කැළඹුණු කන්දකාඩුවේ අලුත්ම තත්ත්වය

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව යුද හමුදාව පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට රැඳවියන් 514ක් යුද හමුදාව සහ පොලීසිය භාරයේ සිටින බවය.
එම රැඳවියන් අතරින් මෙම ගැටුම්වලට සම්බන්ධ නොවූ රැඳවියන් 218දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරුකර යවා තිබේ.
එසේම රැඳවියන් 211 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී තිබේ.
මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සිද්ධියෙන් රැඳවියන් 33ක් තවමත් අතුරුදන් බවය.
කෙසේවෙතත් කලහකාරී තත්ත්වය ඇතිවූ අවස්ථාවේදී පළාගිය රැඳවූවන් සොයා යුද හමුදාව සහ පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ (06) පස්වරුවේ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබුණු අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි.
පසුව ඒ අතරින් පිරිසක් කඳවුර තුළ පිහිටි අවි ගබඩාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි යුද හමුදා භට පිරිස් අහසට වෙඩි තැබූ බව “යුද හමුදා” මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේය.
කෙසේවෙතත් එහි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණි.
ඉන් සිව්දෙනෙකුම රැඳවූවන් වන අතර තුවාල ලැබූ සෙසු පුද්ගලයා යුද හමුදා සෙබලෙකි.

