19 දෙනෙකුට ජීවිතය අහිමි වූ ගුවන්යානා අනතුර

19 දෙනෙකුට ජීවිතය අහිමි වූ ගුවන්යානා අනතුර

ටැන්සානියානු මගී ගුවන් යානයක් බුකෝබා නගරයට ගොඩබෑමට තැත් කිරීමේදී ඒ අසල ඇති වික්ටෝරියා විලට කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ගුවන් අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.

ගුවන් යානයේ 43 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 23 දෙනෙකු දිවි බේරා ගෙන ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුකෝබා ගුවන් තොටුපළ ධාවන පථයේ කෙළවර වෙරළ ආසන්නයේදී මෙම යානය කඩා වැටී ඇත.

යානය කඩා වැටීමෙන් පසු ගුවන් යානය සම්පූර්ණයෙන් ම පාහේ ජලයෙන් යට වී ඇත.

බේරාගත් මගීන් ප්‍රතිකර සඳහා මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඔවුන්ට බරපතළ තුවාල සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ටැන්සානියානු අගමැති කසිම් මජලිවා (Kassim Majaliwa) ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රකාශ කර තිබේ.

https://bit.ly/3hiWfqK