ICC හොඳම ක්‍රීඩකයා විරාත් කෝලි

ICC හොඳම ක්‍රීඩකයා විරාත් කෝලි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා නම්කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලිවයි.

මේ සඳහා තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු යෝජනා වී තිබුණි.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ය.

කෙසේ වෙතත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විරාත් කෝලි නැවතත් සිය සුපුරුදු ප්‍රහාරාත්මක රිද්මයට පැමිණීමත් සමඟ ඔහු ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කිරීමට ICCය තීරණය කර තිබේ.

මෙය තමාට ගෞරවයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ප්‍රකාශ කර ඇත.

එසේම තමන් ඉදිරියේදී තම උපරිම දක්ෂතාවයෙන් කණ්ඩායමට සිය සහයෝගය ලබාදෙන බවද කෝලි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

https://bit.ly/3WH10KU

COMMENTS