චාමික කරුණාරත්න සිඩ්නි කැසිනෝ ශාලාවක ගැටුමක – තවත් අය ගැන පැමිණිලි රැසක්

චාමික කරුණාරත්න සිඩ්නි කැසිනෝ ශාලාවක ගැටුමක – තවත් අය ගැන පැමිණිලි රැසක්

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සිඩ්නි නගරයේ කැසිනෝ ශාලාවක් තුළ ඇති කරගත් ගැටුමක් පිළිබඳව මේ වන විට කතා බහට ලක් වෙනවා.

එහි සිටි වෙනත් පුද්ගලයෙකු සමඟ චාමික කරුණාරත්න ගැටුමක් ඇති කර ගෙන බවත් එම ගැටුම සමථයකට පත් කර තිබුණේ කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවත් වාර්තා වෙනවා.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවට ගිය කණ්ඩායමට ප්‍රිය සම්භාෂණ සඳහා ආරාධනා විස්සකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුනද ඉන් කළමනාකාරිත්වයේ අවසරය හිමිව තිබුණේ හයකට පමණක් වුවද නමුත් ඇතැම් ක්‍රීඩකයන් කළමනාකරුගේ ඇස් වලට වැලි ගසමින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවත් ඇතැමුන් ආපසු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය වෙත පැමිණ ඇත්තේ ද නියමිත කාලය ඉක්මවා යවමින්.

මේ අතර ධනුෂ්ක ගුණතිලක සිද්ධියෙන් අනතුරුව ක්‍රීඩකයන්ගේ විරෝධී හැසිරීම පිළිබඳව පැමිණිලි රැසක් මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා සඳහන් කර ඇත.

මේ අතර ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගත් ධනිෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔහුට ඇප ලබාදීම ඊයේ (07) සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු අතර, නඩුව ලබන වසරේ ජනවාරි 12 වනදා යලි කැදවීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු සහයෝගය ඔස්ට්‍රෙලියාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලබාදෙන බවද ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මේ අතර ධනිෂ්ක ගුණතිලකව ඊයේ (07) රාත්‍රියේ සිඩ්නි හි Silverwater බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තොරතුරු ලබා ගැනීම:- Hiru news