දිස්ත්රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්රික්ක හතකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම දිස්ත්රික්ක වන්නේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය දිස්ත්රික්කයි.
බදුල්ල දිස්ත්රික්කයේ පස්සර, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, මහනුවර දිස්ත්රික්කයේ ගඟවට කෝරලේ සහ උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, එම ප්රදේශවල වෙසෙන ජනතාව, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළොව ගිලාබැසීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.
මේ අතර වාරි ජලාශවල ජල මට්ටම 44% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, ජලාශ කිහිපයක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බවය.

