ගෝල්ෆේස් රිද්මයට දැන් යන්න බෑ, අඩියක් පස්සට ගන්න ඕනේ – අනුර දිසානායක

ගෝල්ෆේස් රිද්මයට දැන් යන්න බෑ, අඩියක් පස්සට ගන්න ඕනේ – අනුර දිසානායක

ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන්ම වත්මන් පාලනය හමුවේ කරගෙන යාමට නොහැකි බවත් වත්මන් තත්වය තුළ අරගලය පියවරක් පසුපසට ගතයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ පසු ගිය දා හෝමාගමදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

“ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන් දැන් අඛණ්ඩව ගෙනියන්න බෑ. අපි පියවරක් පසුපසට එන්න ඕනෑ. දැන් දෙවනිදා උද්ඝෝෂණයක් තිබ්බා නේද ? උද්ඝෝෂණය තියනකල් කට්ටිය අපෙන් ප්‍රශ්න ඇහුවා යන්නෙ නැද්ද කියලා. අපි කිව්වා ටිකක් මෙහෙමයි ඒකෙ තත්වෙ කියලා. දෙවැනිදා වෙනකල් අපි දවස් දෙක තුනක් විශාල උත්තර දුන්නා. දෙවැනිදා මොකද වුණේ ? ඒගොල්ලො උත්තරයක් දුන්නා. වැඩේ ඉවරයි. විනයක් නැති, සංවිධානයක් නැති, ඉලක්කයක් නැති … මේ මොකක්ද වෙලා තියෙන්නෙ ? හැමතැනම මර්දනයට එකක්, ආර්ථිකයට එකක්, හොරකමට තව එකක්, එහෙම තියෙනවාද අරගල ? මේ රටේ ජනතාව මුහුණ දෙන සකලවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැකි ජනතා ව්‍යාපාරයක් හරහා පාලකයාත් එක්ක මේ ගනුදෙනුව බේරාගන්න ජාතික ජන බලවේගය සූදානම්” යනුවෙන්