ජනතාව මාර්ග අවහිරකරමින් විරෝධතාවයක

ආණ්ඩු විරෝධී රැළියකදී පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඝාතන ප්රයත්නයට විරෝධය පළකරමින් මේ වනවිට ඉස්ලාමාබාද් අගනුවර ඔහුගේ ආධාරකරුවන් මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා.
විරෝධතාකරුවන් පාසල් වසා දැමීමට බලකර ඇති අතර ඒ හේතුවෙන් පාසල් රැසක් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
එරට දෛනික කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මහාමාර්ගවල ටයර් පුළුස්සමින් පිරිස විරෝධතාවල නිරතවන බව සඳහන්.
පසුගිය 28 වනදා ලාහෝරයේ සිට ඉස්ලාමාබාද් දක්වා විරෝධතා පාගමනක් ඉම්රාන් ඛාන් ආරම්භ කළ අතර එම රැළිය අතරතුරදීයි ඔහු පසුගිය බ්‍රහස්පතින්දා වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ.

