ක්‍රිකට් පාලක මණ්ඩලය අද සූදු පිටියක් කරලා – තරඟ පාවා දීමක් ගැනත් චෝදනාවක්

ක්‍රිකට් පාලක මණ්ඩලය අද සූදු පිටියක් කරලා – තරඟ පාවා දීමක් ගැනත් චෝදනාවක්

ඉකුත් ජූලි මාසයේ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියේ, ගාල්ලේ පැවති තරගයක දී ශ්‍රී ලංකාවේ පරාජයට හේතුව තරග පාවා දීමක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර චෝදනා කරනවා.

වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ඒ බව පාර්ලිමේන්තුවේ දී අද(09) ප්‍රකාශ කළා.

“මේගොල්ලො ලෝක කුසලානයට වඩා උනන්දු වෙනවා එල්.පී. එල් සහ ටී ටෙන් තරගාවලියක් සඳහා උනන්දු වෙනවා. වෙනරටවල ක්‍රීඩා තරගාවලි පවත්වන්නේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය. මම ප්‍රශ්න කරනවා අපේ රටේ මේ තර්ගාවලි පවත්වන්නේ කවුද කියලා. අද බුකි කාරයන්ට යටත් වුණ ක්‍රිකට් පාලක මණ්ඩලයක් තියෙන්නේ. ඒකෙ ප්‍රතිපලයක් තමා අද අපි අත්විඳින්නේ. අපි දන්නවා පකිස්ථාන ශ්‍රී ලංකා තරගාවලියේ ගාල්ලෙ තරගයේ ලකුණු හාරසිය ගානක් ගහලා පැරදුණා. ඒ වෙන මුකුත් නෙවෙයි මැච් ෆික්සින්. පිච් එක තලන කෙනාගෙ ඉඳලා සේරට ම සල්ලි දීලා ක්‍රිකට් පාලක මණ්ඩලය අද සූදු පිටියක් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට එහා ගිය බලයක් ආරූඪ කරගෙන ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වහා ම මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට කෝප් කමිටුව වෙත කැඳවන්න බලාපොරොත්තු වෙනවා.”යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියා.