ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අරඹයි

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අරඹයි

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවා ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියා.

ස්විට්සර්ලන්තයේ සූරිච් ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ කටුනායක ගුවන්තොටුපල අතර මෙම ගුවන් සේවාව ක්‍රියාත්මකයි.

මෙම ගුවන් යානයෙන් එරට සංචාරකයින් 125 දෙනෙකු පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරින් එක්ව සිටි බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග වාර්තා කළේ.

COMMENTS