ඔරුවක් පෙරලීමෙන් තුනක් අතුරුදන්

ඔරුවක් පෙරලීමෙන් තුනක් අතුරුදන්

සූරියවැව – මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලුණු පුද්ගලයින් 8 දෙනෙකු අතුරින් තුන් දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

බේරා ගත් මාස 8 ක බිළිඳෙකු ඇතුළු 5 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් බව සඳහන්.

අතුරුදන්ව ඇත්තේ 10, 16 සහ 18 වියේ පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.