2021 ශ්රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ යළි කරළියට – චන්දිමාල්ට අතුරු තහනම් නියෝගයක්

2021 ශ්රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ සම්බන්ධයෙන් ගල්කිස්ස දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මිසිස් ශ්රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් 2021 කිරුළ හිමි කර ගත් පුෂ්පිකා ද සිල්වා ගෙන් එම කිරුළ යළි ලබා ගැනීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවටත් මෙම සිද්ධියේදී තමන්ට අපහාස සිදු කළ බවටත් චෝදනා කරමින් නඩුවක් ගොනු කර තිබෙනවා.
ගල්කිස්ස දිසා අධිකරණයේයි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ. ඒ අනුව විත්තිකරුවෙකු වන අදාළ තරගාවලියේ ජාතික සංවිධායක වන චන්දිමාල් ජයසිංහට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

