T20 ලෝක කුසලාන කිරුළ එංගලන්තයට

T20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් තරඟය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
ඒ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි.
ඒ අනුව පිටියට පිවිස පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය.
එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක බාබර් අසාම් ලකුණු 32ක් රැස්කළේය.
පන්දු යැවීමේදී සෑම් කරන් කඩුලු 3ක් දවාගත්තේය.
ලකුණු 138ක ජයග්රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5 දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණි.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 51 රැස් කළ අතර නායක ජොස් බට්ලර් 26ක් රැස් කළේය.


