ක්‍රිකට් හැර සෙසු ක්‍රීඩාවන්ට ද අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය ලබදෙනවා – සාරා හල්ටන්

පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට නම් ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කළ යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පවසනවා.
කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් නිල නිවසේ දී ඊයේ (14) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ හමු වූ අවස්ථාවේදියි ඇය මේ බව සඳහන් කළේ.
ක්‍රිකට් හැර සෙසු ක්‍රීඩාවන්ට ද අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය හා අවබෝධය ලබාදීමට තම රජය සූදානමින් බවයි සරා හල්ටන් පැවසුවේ.
එමෙන්ම මත් උවදුරෙන් පරපුර බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද බ්‍රිතාන්‍යයේ සහාය ලබාදෙන බව ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

