වර්ජනයක් නිසා දුම්රිය කිහිපයක් නවතී

වර්ජනයක් නිසා දුම්රිය කිහිපයක් නවතී

දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් ඇනහිට තිබෙනවා.

දුම්රිය රියදුරන් නවාතැන් ගන්නා කාමර පරිශ්‍රයේ විදුලිය කපා හැරීමට විරෝධය පළ කරමිනුයි දුම්රිය එන්ජින් රියදුරන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට හලාවත, කුරුණෑගල, පානදුර සහ වේයන්ගොඩ දක්වා ගමන් කරන දුම්රියන් මේ වන විට ධාවනයෙන් ඉවත්වී තිබෙනවා.