ලේ බැංකුව අර්බුදයක

ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන එලයිසර් ප්‍රතික්‍රියක කට්ටල ලබන සතිය තුළ අවසන් වීමේ අවදානමක් මතුව තිබේ.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු බවය.
“HIV එඩ්ස්, හෙපටයිටීස් B, හෙපටයිටීස් C සඳහා භාවිතයට ගන්න ප්‍රතික්‍රියකවර්ගය තමයි “එලයිසර්”. අපිට මේ වෙලාවේ ගැටලුවක් පවතිනවා මාසෙකට පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය සංචිත ප්‍රමාණය සතියකට අවශ්‍ය ප්‍රමාණයක් තමයි දැනට අප සතුව තිබෙන්නේ. ජාතික රුධිර මධ්‍යස්ථානයට තමයි අපි සාමාන්‍යයෙන් මේ තොග ලබාගන්නේ. එතකොට දැනට තිබෙන තොග ප්‍රමාණවත් වන්නේ අපට සතියකට පමණයි. ලබන බදාදා වන විට තොගවලින් නිකුත් කරන්න පුළුවන් ප්‍රමාණය අවසන්. පද්ධතිය තුළ කලින් නිකුත් කරපු ඒවා ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මට සහතික වශයෙන් කියන්න පුළුවන් ඉදිරි දින 10ක කාලය තුළ අපට දැනට ආරක්ෂිතව කරගෙන යාමේ හැකියාව පවති. අනිවාර්යයෙන්ම ආරක්ෂිතව රුධිරය මුදාහැරීම සඳහා අභියෝගයක් පවතිනවා. මේ වනවිට සියලු බලධාරීන් සියලු අංශ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සියලුදෙනා මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා.” යනුවෙන් පැවසීය

