කිරිපිටි හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

කිරිපිටි හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව පියෝඩේල් කිරි සමාගමේ සභාපති ලක්ෂ්මන් වීරසූරිය පවසයි.

සභාපතිවරයා සඳහන් කළේ, දින 25ක් මුළුල්ලේ කොළඹ වරාය තුළ බහාලුම් 15ක් රඳවා තබා ඇති බව ත් ආනයන පාලක ජනරාල්වරිය මේ පිළිබඳව කිසිදු තීරණයක් නොගන්නා බව ත් ය.

“අපිට පිට රටින් කිරිපිටි සපයපු ආයතන කියනවා මේ කිරි ටික නැවත නැව්ගත කරන්න වියට්නාමයට සහ ඉන්දුනීසියාවට. එතකොට මොකද වෙන්නේ රටට කිරි හිඟයක් ඇති වෙනවා. demurrage ලක්ෂ 40කට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා,”

“කිරිපිටි ගෙන්නන්න නැවක් එන්න දවස් 37ක් දවස් 42ක් අතර කාලයක් යනවා. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ආවහම චක්‍රලේඛ තුන හතරක් එනවා. නැවට බඩු දාන්න ඉස්සේල්ලා එක නීතියක්, නැවෙන් බඩු මග එන කොට තව නීතියක්, නැව ලංකාවට ඇවිල්ලා වරායට එන කොට තව නීතියක්.” යනුවෙන් පැවසීය