අද සිට යුරියා ගොවීන්ට

අද සිට යුරියා ගොවීන්ට

ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබුණු යුරියා පොහෙර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් නිකුත් කිරිමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ඉදිරියේ දී යූරියා නෞකා 3ක්ම මෙරටට පැමිණීමට නියමිත බැවින් ගොවීන්ට අවශ්‍ය තරමට පොහොර පවතින නිසා කිසිදු අවස්ථාවක සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක බැංකු ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට පැමිණි දෙවන යූරියා පොහොර නෞකාවේ ගොඩබෑමේ අවස්ථාව නිරීක්ෂණට කොළඹ වරායේ දී ඊයේ එක්වෙමින්.