වනිඳු, භානුක, මහීෂ් සහ මතීෂ, IPL කණ්ඩායම්වල වෙනසක් නෑ

ලොව අංක එකේ 20යි 20 පන්දු යවන ක්රීඩක වනිඳු හසරංග ඇතුළු ශ්රී ලංකා ක්රීඩකයින් සිව්දෙනෙකු 2023 IPL තරගාවලිය සඳහා පසුගිය වසරේදී ක්රීඩා කළ කණ්ඩායම් තුළම රඳවා ගෙන තිබේ.
2023 IPL තරගාවලියට අදාළ මූලික ක්රීඩක වෙන්දේසියේ තොරතුරු මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව රෝයල් චැලෙන්ජස් බැංගලොර් කණ්ඩායම විසින් පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදී ද වනිඳු හසරංගව රඳවා ගෙන ඇති අතර භානුක රාජපක්ෂව රඳවා ගෙන ඇත්තේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසිනි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පසුගිය වසරේදී එක් කරගත් මහීෂ් තීක්ෂණට සහ මතීෂ පතිරණට මෙම වසරේදී ද එම කණ්ඩායමටම ක්රීඩා කිරීමට අවස්ථාව හිමිවේ.
කෙසේ වෙතත් පසුගිය වසරේදී කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායමට තෝරාගත් චාමික කරුණාරත්න සහ ගුජරාට් ටයිටය්ස් කණ්ඩායම තෝරාගත් දුෂ්මන්ත චමීරව ඔවුන් ක්රීඩා කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබීම විශේෂත්වයකි.

