ශ්රී ලංකාවට කීර්තියක් ගෙනා කුමාර ධර්මසේනට ගුවන් තොටුපොළේදී හරසර (Photos)

ශ්රී ලංකාවට අතිමහත් ගෞරවයක්, කීර්තියක් ගෙන ආ ශ්රී ලාංකික ක්රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දි මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.
ඕස්ට්රේලියාවෛ් පැවැති 20 විස්ස ලෝක කුසලාන තරඟ විනිශ්චයෙන් පසු අද පෙරවේ දිවයිනට පැමිණියේය
1996 වසරේ පැවති ලෝක කුසලාන අවසාන මහා තරගයට ක්රීඩකයකු ලෙස සහභාගී වෙමින් සහ ඉන්පසුව වසර 06 ක් නොකඩවා ලෝක කුසලාන අවසාන මහා තරඟවල විනිශ්චයකාරවරයකු ලෙස සේවය කළ කුමාර ධර්මසේන මහතා ශ්රී ලංකාවට අත් කර දී ඇති කීර්තිය , ගෞරවය ඇගැයීමට ලක් කිරීම සදහා පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණි.
2009 වසරේ ක්රිකට් තරග විනිශ්චය සදහා එක් වූ කුමාර ධර්මසේන මහතා 2012 සහ 2018 යන වසර වල ලෝකයේ හොදම ක්රිකට් තරඟ විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්ර වී තිබේ . ඔහු මේ වනවිට ටෙස්ට් තරග 75 ක් , එක් දින සීමිත ඕවර තරග 118 ක් සහ විස්සයි විස්ස තරග 42 ක් සදහා ප්රධාන විනිසුරුවරයා ලෙස සහභාගී වී තිබේ .



