තිලංගට කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන්නැයි අර්ජුනට නියෝගයක්

2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේ යැයි සඳහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවරා තිබූ පැමිණිල්ලක් අද සලකා බැලුණා.
එහිදී ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට නියෝග කළේ තිලංග සුමතිපාල වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙසයි.

