අනතුරකින් මේජර්වරයෙකු ඇතුලු තිදෙනෙක් මරුට – දෙදෙනෙක් රෝහලට

ගල්ගමුව – ඉහළ ගම ප්රදේශයේ දී සිදු වූ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පස්දෙනෙකු ගමන් කර තිබෙනවා.
තුවාල ලැබූ දෙදෙනා ගල්ගමුව සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

