බැසිල් ඉරිදා ලංකාවට

බැසිල් ඉරිදා ලංකාවට

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළැඹෙන ඉරිදා (20) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

පසුගිය දේශපාලන අර්බුදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාව බලා පිටත් වුණා.

බැසිල් රාජපක්ෂ පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ වෙනස්කම් කිහිපයක් ද අපේක්ෂා කළ හැකි බව
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් අවසන් ඡන්ද විමසීම සඳහා දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අයවැයට පක්ෂ ව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීම ද ඔහුගේ ක්ෂණික කාර්යයට ඇතුළත් බව ආරංචි මාර්ගවල සඳහන්

COMMENTS