කිසිවිටෙකත් ජනතාව අතහැර පලා ගියේ නැහැ – මහින්ද රාජපක්ෂ

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.
අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා.
“ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තියෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමගයි. එවැනි උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම වැදගත්.” යනුවෙන්
මේ අතර වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බවයි.

