ප්‍රබල ආජන්ටිනාවට අනපේක්ෂිත පරාජයක්

ප්‍රබල ආජන්ටිනාවට අනපේක්ෂිත පරාජයක්

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙතෙක් සිදු වූ සුවිසල්ම පෙරළිය සිදු කරන්නට සෞදි අරාබියානු පාපන්දු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ පාපන්දු ලොව දැවැන්තයකු ලෙස සැලකෙන ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙසින් පරාජය කරමින්.

සෞදි අරාබියානු කණ්ඩායම සහ ආජන්ටිනා කණ්ඩායම අතර තරගය ආරම්භයේ දී ලෝක කුසලාන සජීවී වෙබ් අඩවිය තරගයේ ජයග්‍රහණ ප්‍රතිශතය වාර්තා කරනු ලැබුවේ ආජන්ටිනාවට 88% ක අවස්ථාවක් සහ සෞදි අරාබියට 12% ක අවස්ථාවක් ඇති බව පෙන්වා දෙමින්.

තරගයේ පළමු ගෝලය දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලයනල් මෙසී විසින් ලබාගත් අතර එය වාර්තා වූයේ තරගයේ දහ වැනි විනාඩියේදී යි.

ඉන් අනතුරුව දෙපිලම තියුණු තරග රටාවක ට පිවිසුණු අතර තරගයේ 48 වැනි විනාඩියේ දී සාලෙ අල්ශෙහාරි විසින් සෞදි අරාබි කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලා.

අනතුරුව හරියටම එයින් විනාඩි 5කට පසුව සලීම් අල්දවසාරී සවුදි අරාබියානු කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කර ගත්තේ සිය කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින්.

COMMENTS