රෙගුලාසි උල්ලංඝණය කරමින් කිරිපිටි ආනයනය කරලා – රංජිත් සියඹලාපිටිය

වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (29) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා .
ආනයනය කළ කිරිපිටි තොගයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ
රජය සෑම විටම ආනයනකරුවන් අනවශ්‍ය අපහසුතාවයට ලක් නොකර කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ආනයනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය විනාශ නොවන පරිදි හැකි කෙටිම කාලයක් තුළ මේ පිළිබඳව කටයුතු කරන බවයි
ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා
නවසීලන්තයේ සිට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් මෙලෙස රේගුවේ රඳවා තබාගෙන ඇති අතර අදාළ සමාගම දින 15ක් යන තුරුත් මෙම කිරිපිටි තොගය රේගුවෙන් නිදහස් කරගෙන නැහැ

