Update:- A 9ක් ලබාගත් සිසුවාව පිළිස්සූ ප්‍රධාන සැකකරු අල්ලයි

Update:- A 9ක් ලබාගත් සිසුවාව පිළිස්සූ ප්‍රධාන සැකකරු අල්ලයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ නවයක් සමගින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අද (29) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පිටිය, දඹවෙල හා සෙමනේරිය වත්ත ආශ්‍රිත ප්‍රදේශයකදී ප්‍රදේශවාසි පිරිසකගේ ද සහය ඇතිව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අත් බෝම්බයක් හා ලාම්පුතෙල් අඩංගු වී තිබුණු බවට සැක කරන ප්ලාස්ටික් භාජනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

A සාමාර්ථ නවයක් ලබාගත් ජයග්‍රහණය සිය මිත්තණියට පවසා පියා සමඟ යලි නිවසට එන අවස්ථාවේදී ඔහුගේ පියාගෙන් පුද්ගලයෙකු මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොදීම හේතුවෙන් උරන වී සිසුවාගේ ඇඟට ලාම්පුතෙල් වත්කොට ගිනි තබා ඇති බව සඳහන් වේ.

මේ වන විට ශරීරයේ ඇති වූ පිළිස්සීම් තුවාල හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සබැඳි පුවත:- https://bit.ly/3UfvdhY

COMMENTS