බිත්තර මිල පහළ යන දවස

එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව වෙළෙඳපොළට බිත්තර නිකුත් කරන කරන බවත්, ජනවාරි මාසයේ සිට බිත්තර මිල පහළ යෑමට නියමිත බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් පවසයි.
ඊයේ (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් විජය අල්විස් මේ බව කියා සිටියේ,
මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 65ක් වන බවත් දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 40ක් වන බවත් පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, බිත්තර නිෂ්පාදකයන් විසින් සියලු පිරිවැය දරා ගනිමින් තමන් විසින් බිත්තරයකට රුපියල් 55ක මිලක් ඉල්ලන බවත්, එය විවිධ පාර්ෂවයන්ගේ දැඩි ඉල්ලීල මත එම රුපියල් 55 සීමාවට පැමිණි බවයි.
නමුත් තම සංගමය කැඳවීමකින් තොරව රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක් නිකුත් කළ බවත්, වෙළෙඳ අමාත්‍යංශයට බිත්තර නිශ්පාදන වියදමගැන අවබෝධයක් නැති බවත්, එම ගැසට්ටුව නිසා මෙරට බිත්තර කර්මාන්තය බින්දුවට ම කඩා වැටුණු බවත් එම සංගමයේ භාණ්ඩාගාරිකවරයා පැවසුවේය..

