යුක්‍රේනය යළි යුද්ධයකට සූදානම් වෙයි

යුක්‍රේනය යළි යුද්ධයකට සූදානම් වෙයි

යුක්‍රේනයට තවත් ආයුධ තොගයක් ලබාදීමට නේටෝ සංවිධානය පොරොන්දු වී තිබේ.

එමෙන්ම රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශ වූ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ද නේටෝ සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

රොමෙනියාවේ බුකාරෙස්ට්හි පැවති සමුළුවකදී නේටෝ සංවිධානයේ ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මේ බව සඳහන් කර ඇති බව සඳහන්ය.

රුසියාව” ශීත කාලය යුද අවියක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන” බවට ද ඔහු එහිදී චෝදනා කර ඇති බව සඳහන්ය.

රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ මිලියන ගණනක ජනතාව විදුලිය සහ ජලය නොමැතිව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

https://bbc.in/3AXFcl8

COMMENTS