යාලට එන අයට ගිමන් හරින්න තැනක්

යාලට එන අයට ගිමන් හරින්න තැනක්

යාල වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනම විවේක ස්ථානයක් (Resting Place) ඉදිකිරීමට කටයුතු යෙදී තිබෙනවා.

මේ හරහා වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් විවේක ස්ථානය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර, එහි සංචාරකයින්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සම්බන්ධව සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කිරීමට නියමිත යි.

මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් වැයකිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56ක්.

ඒ අනුව යාල වනොද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයන්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දින වල සිදු කෙරෙන බව සඳහන්.

යාල වනාන්තරයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රය ද වෙන් කර ඇති අතර, වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව වාර්තා වනවා.

යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා දෛනිකව වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරක පිරිස් පැමිණෙනවා.

මෙම දෙස් විදෙස් සංචාරකයින්ට වනාන්තරයට අයත් කළාපවල සංචාරය කරන අතර තුර දිවාකාලයේ විවේක ගැනීම සඳහා යි මෙම ස්ථානය නිර්මාණය වන්නේ.

COMMENTS