ලංකාව චීනයට බිලියන 7ක් ණයයි

ලංකාව චීනයට බිලියන 7ක් ණයයි

2021 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාව චීනය විසින් ඩොලර් බිලියන 7.4ක් පමණ ණය ලබාගෙන ඇති බව අද (30) නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක දැක්වෙනවා.

china Africa research initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ, එම මුදල ශ්‍රී ලංකාවේ සමස්ත ණයවලින් 20% පමණ වන බව යි.

ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුව හරහා සංවර්ධන කටයුතු සඳහා විවිධ අවස්ථා ගනනාවක දී ණය ලබා ගැනීම් සිදු කර ඇති අතර, ඊට අමතරව පසුගිය දිනවල ශ්‍රී ලංකාව මුහුණ පෑ බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ද චීන රජය තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වටිනා මූල්‍ය හුවමාරු පහසුකමක් ලබා දුන්නා.

එම මූල්‍ය හුවමාරු පහසුකම ශ්‍රී ලංකා මහා බැංකුව වෙත යොමු කෙරුණේ, චීන යුවාන් මුදලින් වන අතර, එම මුදල් වැය කිරීම සඳහා වන එකගතා කොන්දේසි ගණනාවක් ද වනවා.

https://reut.rs/3OLlMWn

COMMENTS