ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව ඊයේ (30) අවසන් විය.
ඒ, තුන්වන සහ අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම හේතුවෙනි.
මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 313 ලබා ගැනීමට සමත් විය.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉබ්රහීම් සද්‍රාන් පන්දු 138කදී ලකුණු 162ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී තිබියදී ලකුණු 314ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 83ක් ලබා ගත්තේය.

