විදුලි බිල ඉහළ දැමීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවක් නෑ

මේ මොහොතේ විදුලි බිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී අනාවරණය වුණා.
කෙසේ වෙතත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මෙලෙස අදහස් පළකර සිටියා.

