ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් අද රටේ තීරණ ගන්න තැනට ගිහින්

පාර්ලිමේන්තු ඉතිහාසේ වාර්තාගත වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක් අද පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එක්වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් 32 කට අයත් සිසුන් 5000 කට අධික පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එක්වී ඇති බවටයි වාර්තා වන්නේ.
කොරෝනා වසංගතය හේතුවෙන් වසා තබන ලද පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පාසල් ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් මස 19 වනදා සිට යළි විවෘත කෙරුණා.
ඒ අනුව මේ දක්වා කාලය තුළ පාසල් සිසුන් 25,000 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ විවාද නැරඹීම සඳහා එක්වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.


