ගුවන් යානාවලට ඇති තරම් තෙල් තියෙනවා – නිමල් සිරිපාල

පුද්ගලික පාර්ශ්ව දෙකකට ආනයනය සඳහා අවසර දීමත් සමග ශ්‍රී ලංකාව සතුව මාසයක ගුවන් ඉන්ධන තොග ඇති බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
එබැවින් දැන් කොළඹට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සේවාවන් හි ගුවන්යානාවලට ඉන්ධන සැපයීම සහතික කළ හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
“දැන් පෞද්ගලික ආයෝජකයෝ දෙන්නෙක් ගුවන් යානා ඉන්ධන ගේනවා, ඔවුන් ඩොලර් වලින් ගෙවන අතර ඔවුන් ඒවා අලෙවි කරන්නේත් ඩොලර්වලට. එය ඉතා හොඳින් සිදුවෙමින් පවතී. මාසයකට ප්‍රමාණවත් තොග අප සතුව තියෙනවා. තවත් නැවක් එනවා. මේවා විවෘත කළ යුතුයි කියලා මට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් එක්ක සටන් කරන්නත් සිද්ධ වුණා.”ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

