IPL වෙන්දේසියේ දී මැතිව්ස්ට ඉහළ මිලක්

IPL වෙන්දේසියේ දී මැතිව්ස්ට ඉහළ මිලක්

IPL 2023 වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 23 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

IPL වෙන්දේසියේ ඉහළම මිලක් හිමි ක්‍රීඩකයින් කිහිප දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වෙයි.

එළඹෙන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ලැයිස්තුගත කිරීම මේ වන විට අවසන් වී ඇති අතර මැතිව්ස් එහිදී ලැයිස්තුගතවී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 2 (රු. කෝටි 9)ක ඉහළම මූලික ලංසුවකටයි. මෙම මුදලකට ලැයිස්තුගතවූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද මැතිව්ස් පමණි.

මීට අමතරව ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය රුපියල් කෝටියක (රු. ‌කෝටි හතරහමාරක්) ලංසුවක් සඳහා ලැයිස්තුගත වී ඇත.

කෙසේ වෙතත් මැතිව්ස් හා කුසල් දෙදෙනාව වසරකටත් අධික කාළයක සිට සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර නොතිබීම විශේෂත්වයකි.

මෙවර තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින් 714 ක් හා විදෙස් ක්‍රීඩකයින් 277ක්, ඒ අනුව සමස්ථ ක්‍රීඩකයින් 991ක් ලැයිස්තුගතවී ඇති අතර ඒයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 27 දෙනෙකු ඇතුලත්වී තිබීම විශේෂත්වයකි. විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණය ඔස්ට්‍රේලියාවට හිමිවී ඇති අතර ඒය 57 කි. ඊට අමතරව දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 52 ක්ද ලැයිස්තුවට ඇතුලත්ව ඇත. මේ අතරින් ක්‍රීඩකයින් 21 දෙනෙකු තරගාවලියේ උපරිම ලංසුව හෙවත් කෝටි දෙකකට ලැයිස්තුගත වී ඇත.